Friday, November 22, 2024

රායප්පු ජෝශප් හිමිපාණන්ගේ අවමංගල්‍ය දිනය ශෝක දිනයක් කරන ලෙස ඉල්ලීමක් !

Must read

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් මහතා අද ඔහුගේ කාර්යාලයේදී  මාධ්‍ය හමුවක් පවත්වමින්  මන්නාරම හිටපු රදගුරු රායප්පු  ජෝශප් හිමිපාණන්ගේ වියෝව සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරන ලදී. එහිදී ඔහු කියා සිටියේ  මන්නාරම් හිටපු බිෂොප්වරයා දෙමළ ජනතාවට සිදුවූ අසාධාරණය වෙනුවෙන් පෙනීසිටියා පමණක් නොව 2009 දී මුල්ලිවයිකාල්හිදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඝාතනය කිරීමේ ද සියැසින්ම දුටුබවයි. දෙමළ ජනතාව ඒ සම්බන්ධයෙන්  රායප්පු ජෝශප් රදගුරු හිමිපාණන්ට කෘතවේදීතාව පළකළයුතු බවයි. ඔහුගේ අවමංගල්‍ය දිනය සඳුදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස අපේ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩික්කලනාදන්  රජයෙන් ඉල්ලා තිබේ. රජය එයට ඇහුම්කන් දුන්නත් නැතත්, මගේ ආදරණීය ඉල්ලීම නම්, දෙමළ කතා කරන ජාතිය වන අපි සඳුදා අපේ ජාතියේ දුක්බර දිනය ලෙස ප්‍රකාශයට පත් කර සුදු කොඩි හෝ කළු කොඩි අපේ ගෙවල්වල සහ ව්‍යාපාරවල හැකිතාක් ඔසාවා තැබිමට  ඉඩ දෙන්න.


දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article