Friday, September 20, 2024

රාජාංගනය ප්‍රදේශයෙනුත් කොවිඩ්19 ආසාදිතයෙකු වාර්තා වෙයි.

Must read

 

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ නිලධාරියෙකුට සහ ඔහුගේ දරුවන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මෙම උපදේශක නිලධාරියා අනුරාධපුරය ප්‍රදේශයේ සිට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෙත ජුලී මස 01 වෙනිදා පැමිණ ඇති අතර ඔහු යලි 02 වෙනිදා අනුරාධපුරය පිහිටි තිසා වැව පිහිටි සිය කඳවුර වෙත ගොස් තිබෙන බවයි හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

එලෙස පැමිණි එම නිලධාරියාගේ ඥාතියෙකුගේ අවමංගල්‍යයක් හේතුවෙන් කඳවුරට ඇතුලත් නොවී යලි රාජාංගනය යාය 05 ප්‍රදේශයේ පිහිටි සිය නිවෙස වෙත ගොස් තිබෙන බවට කරුණු අනාවරණය වී ඇත.

මෙම නිලධාරියාගේ ඥාතියාගේ අවමංගල උත්සවය පැවති රාජාංගනය යාය 03 හි පිහිටි ස්ථානය වෙත ගොස් ඇත. එම අවමංගල උත්සවයේ අවසන් කටයුතු ජුලි මස 03 වෙනිදා සිදුව ඇති බවයි හමුදාපතිවරයා සඳහන් කළේ.

මෙම උපදේශකවරයා සහභාගිවූ අවමංගල උත්සවයට සහ දානය වෙනුවෙන් සහභාගිවූ බව කියන පුද්ගලයින් 230 දෙනෙකු හඳුනා ගෙන ඔවුන්ව ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බවයි හමුදාපතිවරයා කියා සිටියා.

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ උපදේශකවරයාගේ දරුවන් දෙදෙනා වයස අවුරුදු 11ක සහ අවුරුදු එකහාමාරක පසුවන බව හමුදාපතිවරයා කියා සිටියා.

කොරෝනා වෛරසය ආසාදනය වූ එම අවුරුදු 11ක් වියේ පසුවන දරුවා පසුගිය ජුලි 4, 6 සහ 07 යාන දිනවල දී පාසැල් ගොස් ඇති බවත් ඔහුගේ පන්තියේ සිටින සිසුන් 70 දෙනෙකු සොයා ගෙන ඇති අතර ඔවුන්ව නිවසේදීම ස්වයං නිරෝධායනයට ලක් කිරිමට කටයුතු යොදා ඇති බවද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

(Newswire)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article