රාජපක්ෂ කදවුර විසින් මේතාක් ඉදිරිපත් කල දුර්වලම අපේක්ෂකයා මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජවිපෙ ප්රචාරක ලේඛම් විජිත හේරත් මහතා සදහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහු මුල්‍යමය පරිපාලනයෙන් හා පරිපාලන විනය අතින් අසමත් පුද්ගලයෙකු බව ඔප්පු කර ඇති බවයි.
මහනායක හිමිවරුන් ඇතුළු වෙනත් ආගමික නායකයන් විසින් මෙවර මැතිවරණය සදහා ඉදිරිපත් කරන අපේක්ෂකය සදහා අනුගමනය කල යුතු නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර ඒ නිර්දේශ වලට අනුව පක්ෂයක් විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා කිසිදු අධිකරණ ක්‍රියාවලියක් නොමැති,සාපරාධි ක්‍රියාවක්/අපරාධයක් සදහා චෝදනා ලැබ නොසිටින පුද්ගලයෙකු විය යුතු අතර ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකත්වයට නම් කිරීමට පවා සුදුසුසෙකු නොවන බවද ජවිපෙ පෙන්වා දෙයි.