Friday, September 20, 2024

රාජගිරියේ සබීතාගේ බිල්ඩිමට “පොලීසිය” ගෙන ඒමට සාකච්ඡා

Must read

ඡායාරූපය – theleader.lk

මෑතක දී වඩාත්ම මතභේදාත්මක ගොඩනැගිල්ල වන ජනප්‍රිය සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාට අයත් රාජගිරියේ ඩී.පී. ජයසිංහ (DPJ ) ගොඩනැගිල්ල වෙත පොලිස් කොට්ඨාස කිහිපයක් ගෙන යාම පිළිබඳව පොලිසිය හා කෘෂිකර්ම අමාත්‍යංශය සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ නීති, අපරාධ සහ මාධ්‍ය යන කොට්ඨාස තුන මෙම ගොඩනැගිල්ල වෙත ගෙන ඒමට සාකච්ඡා සිදුවෙමනින් පවතින බව වාර්ථා වෙයි.

මින් පෙර කෘෂිකර්ම අමාත්‍යංශය පැවතියේ මෙම ගොඩනැගිල්ලේ වන අතර විශාල මුදලක් ඒ සදහා වැයකරමින් එම ගොඩනැගි්ලලේ කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වා ගෙන යාමද ජනාධිපතිවරණ වේදීකාවේ මාතෘකාවක් විය. ඒ අනුව නව රජය බලයට පත්වූ විගස, අමාත්‍යාංශය රාජගිරිය ගොඩනැගිල්ලේ සිට බත්තරමුල්ල පිහිටි එහි පැරණි පරිශ්‍රයට ගෙන යන ලදී. නමුත් නැවතත් එම ගොඩනැගිල්ල වෙත පොලිස් දෙපාර්තමේන්තුව ගෙන ඒමේ උත්සාහයක් වර්ථමාන රජය දරමින් සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article