Wednesday, December 25, 2024

රාගම වෛද්‍යවරයෙකු මියයයි ! ජාතික රෝහලේ 265 කට කොරෝනා.

Must read

රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ සේවය කළ මොහමඩ් ජනන් වෛද්‍යවරයා කොරෝනා ආසාදිතව මියගොස් තිබේ.
ඔහු කොරෝනා ආසාදිතව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන මියගොස් ඇතැයි මාධ්‍ය විසින් වාර්තා කර තිබේ..

කොවිඩ් ආසාදිතව රාගම රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුගේ තත්වය බරපතල වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර . මියයන විට ඔහු 34 හැවිරිදි වියේ පසුවිය.
ඔහු කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයෙකු බවද වාර්තා වේ

මීට පෙරද රාගම රෝහලේ සේවය කරමින් සිටි තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් ආසාදිතව මිය ගිය ගොස් තිබුණි.

මේ අතර කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියන් වෛද්‍යවරුන් ඇතුලු 265 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැ යි අනාවරණ වී තිබේ.අද පෙරවරුවේ නිකුත් කෙරුණු පරීක්ෂණ වාර්තා අනුවයි මේ බව අනාවරණය වී ඇත.

වෛද්‍යවරුන් 27ක් හෙද හෙදියන් 105ක් සහ සුළු සේවකයන් 133ක් මෙම ආසාදිතයින් පිරිස මේ අතර වේ

මීට අමතර ව ජාතික රෝහල තුල මේ වනවිට කොරෝනා වෛරස් ආසාදිතයන් 600කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ලබමින් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article