Thursday, September 19, 2024

රනිල් ට හුස්මදෙන වැඩ වර්ජන ! – දුම්රියෙන් වැටී අයෙක් මරුට

Must read

දුම්රියෙන් ඇද වැටීමෙන් බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී අද(10) පස්වරුවේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වි ඇතැයි

පොලීසිය කියයි.

කොළඹ කොටුව සිට පොල්ගහවෙල දුම්රිය ස්ථානය දක්වා ධාවනය වූ දුම්රියෙන් ඇද වැටීමෙන් මෙලෙස ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

එම මගියා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවී ඇති අතර අධික තෙරපීම හේතුවෙන් දුම්රියෙන් වැටෙන්නට ඇති බවට සැක පළ කරන බව පොලිසිය සඳහන් කරයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජන හේතුවෙන් දුම්රිය රැසක් අද අවලංගු කර අතර දුම්රිය කිහිපයක් ධාවනය වී තිබුණේ අධික මගී තදබදයක් සහිතවයි.

ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ මෙම වැඩවර්ජන රැල්ල හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ‘හුස්ම’ ලබාදෙමින් සිටින බවයි.

zdrt453

”ලංකාවෙ වෘත්තීය සමිති ක්‍රියා මාර්ග නම් අන්තිමයි” – Uvindu Kurukulasuriya

මේ අතර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

”මම වෘත්තීය සමිති ක්‍රියා මාර්ග වලට පක්‍ෂ කෙනෙක්. ඒත් ලංකාවෙ වෘත්තීය සමිති ක්‍රියා මාර්ග නම් අන්තිමයි. කිසිම ප්‍රජාත්‍රන්ත්‍රවාදී ක්‍රමයක් නැහැ ඒ වගෙ. නායකයො මේ හිතුව මේ කළා. කලින් දැනුම් දීමක්වත් නැහැ. ඊයෙ කෝච්චි ස්ට්‍රයික් එකත් එහෙමයි. ටිකටුත් නිකුත් කරල, එක පාරටම ස්ට්‍රයික්. මිනිස්සු අතර මං. ගුරු ස්ට්‍රයික් එකත් එහෙමයි. කොටින්ම දෙරණ නිවුස්වල මේ යට ඉන්න දෙමාපිය දාල ජොසාට ගහන්න ඕන කියල වෛර ව්‍යාපාරයකුත් දියත් කළා. ඒක නම් සම්පූර්ණයෙන්ම වැරදි වැඩක්. ඒත් මිනිස්සු හතර අතේ බණිනව හැම වෘත්තීය සමිති නායකයින්ටම හැම ටෙලිවිශන් එකකම.

ප්‍රජාතන්ත්‍රවාදී විදියට වෘත්තීය සමිති ක්‍රියා මාර්ග ගන්න ඕන. තම වෘත්තීය සමිතියෙ හැම සාමාජියකයගෙන්ම ඡන්දය ගන්න ඕන. එන්න බැරි අයට තැපැල් ඡ්න්ද දෙන්න ඕන. ගනන් කරන්න මැතිවරණ ගැන දන්න ස්වාධීන නිරීක්‍ෂයකයො ඉන්න ඕන. බහුතර ඡ්න්දය ලැබුණොත් තමා යෝජිත ක්‍රියා මාර්ගය අනුමත වෙන්නෙ. එතකොට ඒ වෘත්තීය සමිතිය ප්‍රසිද්ධ කරන්න ඕන, “ඔව්” ඡ්න්ද කීයද “නෑ” ඡන්ද කීයද, “නරක් වූ” ඡන්ද කීයද කියල. කවද ද ඉන්ඩස්ට්‍රියල් ඇක්‍ෂන් එක ගන්නෙ, මොනවගේ එකක්ද ගන්නෙ, කවදද ඉඳන් කවද වෙන කන්ද කියල මහජනයා කලින් දැනුවත් කරන්න ඕන.

ඒ විතරක් නෙමෙයි ඒවට අදාල ආචාර ධර්ම පද්ධතියකුත් තියෙනව. එක්සත් රාජධානියේ එක මෙතනින් කියව ගන්න:
theleader.lk

CODE OF PRACTICE
Industrial Action Ballots and Notice to Employers

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article