Monday, January 13, 2025

යුධ සමයේ අතුරුදන් වූ සියල්ලන් මිය ගිය බව ජනපති පිලිගනියි.

Must read

වසර 26ක පමණ කාලයක් තිස්සේ පැවැති යුද්ධය හේතුවෙන් අතුරදන් වූ 20,000කට අධික පිරිස මිය ගොස් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙකු සමඟ පැවති සාකච්ඡාවකදී පිළිගෙන ඇති බව බීබීසී වෙබ් අඩවිය වාර්ථා කරයි.

එසේම අතුරුදන් වූ සියල්ලන් සදහා මරණ සහතික නිකුත් කිරීමට කටයුතු කරන බවද නාධිපතිකාර්යාලය නිකුත් කල නිවේදනයකද දැක්වේ.

අතුරුදන් පවුල්වල සියගණනක් පිරිස් බොහෝමයක් තම සමීපතමයින් තවමත් ජීවත්වන බවත් ඔවුන් ආරක්ෂක අංශ යටතේ රදවාගෙන සිටින බවත් විශ්වාසයෙන් පසුවන අතර ඒ හේතුවෙන් ඔවුන් සෑඹ විටම අතුරුදන්වූවන් වෙනුවෙන් සාධාරණයක් අපේක්ෂාවෙන් රැළි දිගින් දිගටම කටයුතු කරමින් සිටියි.

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ මෙසේ අනතුරුදන්වූවන්ගෙන් වැඩි දෙනෙක් LTTE සංවිධානයට බදවාගත් අය බවයි.එහිදී අතුරුදන්වූවන්ගේ ගැටළුව විසදීම සදහා ඔහුගේ සැලැස්ම ඉදිරිපත් කරමින් ඒ මහතා සදහන් කර ඇත්තේ අතුරුදන්වූවන් සත්‍ය වශයෙන්ම මියගොස් ඇති බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article