Saturday, May 18, 2024

යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය හා ශීලාචාරත්වය වෙනුවෙන් ඒකාබද්ධ වැඩපිළිවෙලක් !

Must read

civil with RW

ජනවාරි 08 වන දා මෙරට වෙනසක් කිරීමට තමන් සියල්ල උපරිම කැපවීමෙන්  ක්‍රියා කළා සේම, වර්තමානයේ සිදු වෙමින් යන ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ව්යාවස්ථා විරෝධී ක්‍රියා පිළිවෙතින් රට බේරා ගැනීම සඳහා ද උපරිමයෙන් කැප වන බව අද (02) පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් සිවිල් සංවිධාන නියෝජිතයෝ පැවසූහ.

මෙහිදී වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව වික්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිත පිරිස ඉදිරියේ කරුණු පැහැදිලි කළේය.

අර්බුදය ඇතිවූ අවස්ථාවේ සිට මේ දක්වා ඉතා සංවරව, විනයගරුකව හා ප්‍රජාතන්ත්‍රවාදීව වික්‍රමසිංහ මහතා හැසිරුණු ආකාරය ප්‍රශංසනීය බව සිවිල් සංවිධාන නියෝජිතයෝ අවධාරණය කළහ.

.යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය හා ශීලාචාරත්වය වෙනුවෙන් පුළුල්ම එකාබද්ධ පෙරමුණක් ගොඩනැගිමේ අවශ්‍යතාව මෙහිදි ප්‍රධාන ලෙස අවධානයට යොමුකෙරුණ අතර ඒ සදහා පුළුල් වැඩපිළිවෙලක්ද එහිදි යෝජනා කෙරිණි.
මේ අනුව යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය හා ශීලාචාරත්වය වෙනුවෙන් පෙනි සිටිමට එකග සියළු දේශපාලන පක්ෂ වෘත්තිය සමිති කලාකරුවන් ඇතුළුව සි්‍යළු ප්‍රගතිශිලින්ගේ සහභාගිත්වයෙන් පුළුල්ම පෙරමුණක් ගොඩනැගිම සදහා පැමිණ සිටි සිවිල් ක්‍රියාකාරිහු තින්දු කළහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article