


දෙදින සංචාරයක් සඳහා ඊයේ (සෙනසුරාදා) යාපනයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (ඉරිදා) මතුවිල් ප්‍රදේශයේ අලුතින් ඉදිකරන ලද ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරිමට සහභාගිව තිබුණි.
අඅතුරුදන්වූවන්ගේ ඥාතීන් අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම සඳහා ඉදිකර තිබූ බැනර් පුළුස්සා සිය විරෝධය පළ කරන්නට කටයුතු කර ඇතැයි උතුරේ මාධ්‍ය විසින් වාර්තා කර ඇත.
මේ අතර අගමැතිවරයාට විරෝධය පළකිරිම සදහා වෑන් රථ වලින් පැමිණෙමින් සිටි අතුරුදන්වුවන්ගේ පවුල් වලට සමාජිකයන්‌ගේ වාහන ඉදිරියට යාමට ඉඩ නොදි නවතා තැබිමට පොලිසිය විසින් නියෝග කර තිබුනේ අගමැතිවරයා අදාල ස්ථානයෙන් පිටව යන තෙක්ය.
අනතුරුව වාහනයෙන් බැසගත් අතුරුදන්වූවන්ගේ ඥාතීන් අගමැතිවරයා පිළිගැනීමේ බැනර් ඉරා ගිනි තබා විනාශ කළේ තම විරෝධය සහ ශක්තිය ප්‍රකාශ කරමිනි.

