Sunday, January 12, 2025

යාපනය අර්ධද්වීපයට ගංගාවක් නිර්මාණය කිරීමට කැබිනට් අනුමැතිය

Must read


යාපනය අර්ධද්වීපයට ගංගාවක් නොමැති වීම හේතුවෙන් හා එහි ජල හිගය මගහැරවීමේ අරමුණ ඇතිව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ සදහා රුපියල් බිලියන 3.6ක මුදලක් වැය කිරීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය වසර 5ක් තුල අදියර දෙකකින් අවසන් කිරීමට නියමිත අතර ව්‍යාපෘතිය හරහා ලක්ෂ තුනකට අධික ජනතාවක් ප්‍රතිලාභ ලබනු ඇති බව රජය පවසයි.

මෙම ව්‍යාපෘතිය හරහා වඩමාරච්චි කලපුවට මායිම්ව පිහිටි ළිංවල ලවණතාවය අඩුකිරීම, එම ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුු සඳහා වන ජල සම්පාදනය වසරකට මිරිදිය ජල ඝනමීටර මිලියන 8ක ප්‍රමාණයකින් ඉහළ නැංවීම, මිරිදිය ජල සුලභතාව ඇති කිරිම මඟින් පානීය හා ගෘහ අවශ්‍යතා සඳහා අවශ්‍ය ජල සැපයුම ඉහළ නැංවීම,ප්‍ර යෝජනයට ගනු නොලැබූ හෙක්ටයාර් 12 610ක් හා වී, කෙත්වතු භෝග, වැවිලි භෝග හා තණබිම් සහිත හෙක්ටයාර් 1315ක් සංවර්ධනය කිරීමටද බලාපොරොත්තු වෙයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article