Sunday, January 12, 2025

යහපාලන රජයේ වංචා දුෂණ හොයන්න ජනපති කොමිසමක් ?

Must read

My-3111යහපාලන රජය සමයෙ (රනිල් වික්‍රමසිංහ පාලන සමය )  සිදුකර ඇති වංචා දුෂණ සෙවිම සදහා ජනපති කොමිසමක් පත්කරන බව ජනපති සිරිසේන පවසා තිබුනේ විදේශ් ජනමාධ්‍යවේදින්ගේ සංවිධානය හමුවු අවස්ථාවේදිය.
අන්ත දුෂිත පාලනයක් පවත්වාගෙන ගිය මහින්ද රාජපක්ෂ ඇතුළු දුෂිතයන් නඩයක් සිය කැබිනට් මණ්ඩලය බවට පත්කරගෙන සිටින ජනපති සිරිසේන ඇත්තට දැන් ජාතියට  පමණක් නොව ජාත්‍යන්තරයටද විහිළු සපයන්නා බවට පත්වෙමින් සිටි.
62 ලක්ෂයක් ජනතාව එදා ජනපති සිරිසේන රටේ නායකයා කළේ රාජපක්ෂලාගේ මජර පාලනය හමාර කොට ඒ දුෂිතයන්ටත් මිනිමරුවන්ටත් දඩුවම් කරන්නටය.
රාජපක්ෂ රෙජිමය විසින් මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකු ඝාතනය කොට තිබුණි. ඉන් 41 දෙනකෙුම දමිල ජාතිකයෝ වුහ.
එහෙත් මේ එකදු දමිල මාධ්‍යවේදියෙකුගේ ඝාතනයන් පිළිබදව කිසිදු පරික්ෂණයක් සිදුකෙරුණේ  නැත.
තතු එසේව තිබියදි ලසන්ත වික්‍රමතුංග ,ප්‍රගිත් එක්නැලිගොඩ , කීත් නොයාර් වැනි මාධ්‍යවේදින් ගේ සිදුවිම් ගැන පරික්ෂණ පැවැත්වු දක්ෂ නිළධාරියෙකු නිශාන්ත  සිල්වාට මාරුවක් ලබාදිමට කටයුතු කරන්නේ ද ජනාධිපති සිරිසේන විසින්ය.
මේ අනුව මාධ්‍යවේදින් ඝාතන පරික්ෂණ පමා කරමින් කටයුතු කළේ කව්දැයි දැන් රටටත් ලෝකයාටත් පැහැදිලි වෙමින් තිබේ.
කප්පරක් හොරකම් මැරකම් සිදුකරන ලද මජර රාජපක්ෂලා එලවා දමන්නට 62 ලක්ෂයක් ජනතාවගේ ඡන්දය ගත් ජනපති සිරිසේන රටට යහපාලනය බිහිකිරිමට මුලික අඩිතාලම් දැමු නායකයන් ගැන ජනපති පරික්ෂණ කොමිසම් පවත්වන්නට තින්දු ගන්නේ  කෙසේදැයි ප්‍රගතිශිලි ජනයා විමතියෙන් අසා සිටිති

 

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article