Saturday, September 21, 2024

මෝටර් රථ අලංකරණයට අදාල තහනම් කොටස් ගැන ගැසට් නිවේදනය ලබන සතියේ

Must read

මෝටර් රථ අලංකරණයට සම්බන්ද තහනම් කොටස් පිළිබදව වන ගැසට් නිවේදනය මේ සතියේ නිකුත් කරන බව වාහන නියාමනය,බස් රථ ප්‍රවාහණ සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ අනුව ත්‍රීරෝද රථ හා මෝටර් රථ අලංකරණය සදහා සිදුකර ඇති ඉල්ලීම් සලකා බලා තහනම් කර ඇති අලංකරණ කොටස් හැර සෙසු අමතර කොටස් අලංකරණය උපකරණ වශයෙන් වාහන සදහා යොදා ගැනීමේ හැකියාව පවතින බව අමාත්‍යවරයා සදහන් කරයි.

එමෙන්ම එන්ජින් ධාරිතාව 450 – 1000 දක්වා යතුරු පැදි ආනයනය කිරීමට අවසර නොදෙන බවත් ඒ පිළිබදව කැබිනට් තීරණය ගැනීමට පෙර ආනයනය කර ඇති යතුරුපැදි ලියාපදිංචි කිරීමට පමණක් අවසර දෙන බවත් අමාත්‍යවරයා සදහන් කරයි. එම යතුරුපැදි ලියාපදිංචි කිරීමේදී රුපියල් ලක්ෂ 8 ක අධිභාරයක් ගෙවීමට සිදුවන බවත් අමුණුගම මහතා සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article