22 වන සංශෝධනය සමග මොළ හතාගේ එක දතක් ගැලවූ බව විපක්ෂ නායක සජිත ප්‍රේමදාස පසුගියදා පවසා තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් සංවිධානය කළ මැදකොළඹ ආසන බල මණ්ඩල රැස්විමට එක්වෙමින
පියවරෙන් පියවර රාජපක්ෂ ආධිපත්‍ය ජනබලයෙන් ඉවත් කරන බවද විපක්ෂනායකවරයා ප්‍රකාශ එහිදි ප්‍රකාශ කර තිබුණි
වර්තමානයේ රට පත්ව ඇති ඛේදජනක ඉරණමට හේතුව රාජපක්ෂවරු ජාති, ආගම්, කුල-මල, පන්ති භේද ඇතිකර රට කෑලි කෑලිවලට කඩා ජාතීන් ආගම් අතර වෛරය ඇති කිරිම බවත් ඔවුන්ට අවැසි වූයේ තමන්ගේ පවුල රජ කරවීමට බවත් ඒ තුළ ඒකාධිපතීත්වය, මුරන්ඩුකම ගැබ්ව තිබූ බවත් ඒ හේතුවෙන් ලක්ෂ 22-0ක ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත් ඇති බවත් ඔහු මෙම රැස්විමේදි අවධාරණය කරන්නට යෙදුණි.
වඳ කොත්තු, වඳ සැත්කම්වලින් ආරම්භ වී ආදාහනය භූමදානය දක්වා ජාති ආගම් භේදය ක්‍රියාත්මක කළ බවත් අද ජාතිවාදයට ආගම්වාදයට විවිධ පාර්ශ්වය කෑ ගැහුවත් එදා සමගි ජන බලවේගය හැර අනික් සියල්ලක්ම ඊට එරෙහි නොවූ බවද ප්‍රේමදාස තවදුරටත් පවසනවා.
මේ අතර රනිල් වික්‍රමසිංහ විසින් පොහොට්ටු පාලනය මෙල්ල කිරිම සදහා ක්‍රියාත්මක කරමින් ඇති මෙහෙයුම හැරවුම් ලක්ෂයක් බවට 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පත්ව ඇති බව බහුතරයක් දේශපාලන විචාරකයන්ගේ මතය බවට පත්ව තිබේ.
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවකද මේ ගැන අදහස් පළකර තිබුණි