Thursday, November 28, 2024

මෙරට ලක්ෂ 5කට පමණ ජතික හැදුනුම්පත් නැහැ – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

Must read

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් සිදුකරන ලද අධ්‍යනයකින් පසුව මෙරට පුද්ගලයන් ලක්ෂ 5කට අධික පිරිසකට ජාතික හැඳුනුම්පත් නොමැති බව දැනගන්නට හැකි වුන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය.
මෙම පිරිසෙන් ලක්ෂයක පමණ පිරිසක් හිතාමතා සිය අනන්‍යතාවය සැගවීමේ අරමුණෙන් ජාතික හැදුනුම්පත් ඉදිරිපත් නොකරමින් සිටින බවත් ස්ථිර ලිපිනයක් නෙමැති වීම, හැඳුනුම්පත අස්ථාන ගත වීම, ජාතික හැදුනුම්පත් ලබාගැනීම සඳහා වන අවශ්‍ය මූලික ලියකියවිලි සම්පාදනය කර ගත නොහැකි වීම, වැනි වෙනත් විවිධ හේතූන් මත තවත් ලක්ෂ 4ක පමණ පිරිසක් හැදුනුම්පත් නොමැතිව සිටින බවද ඇය ප්‍රකාශ කළාය. මෙසේ හැදුනුම්පත් නොමැති පිරිසෙන් වැඩි දෙනෙකු වතුකරය සහ ග්‍රාමීය ආන්තික ප්‍රදේශවල ජීවත් වන බව හෙළිවී තිබේ.
මැතිවරණ වලදී ඡන්ද්‍ය භාවිතා කිරීම සදහා හැඳුනුම්පත් නොමැති පිරිසට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම සිදු කෙරෙන බැවින් මෙම පිරිස ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බව ද එම අධ්‍යයනයේදී හෙළිවී තිබේ. ඒ හේතුවෙන් රජයට ඒ සඳහා අතිරේක වැය බරක් දැරීමට සිදුව ඇති බවද ඒ සඳහා ද වැය වන්නේ ජනතාවගේ බදු මුදල් බව ඇය පෙන්වා දුන්නාය.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article