Friday, May 3, 2024

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න පියවර රැසක්

Must read

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ජංගම යෙදවුමක් (App) හදුන්වාදීමට කටයුතු කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම ජංගම යෙදවුම් එළඹෙන ජනවාරි මාසයේ සිට  භාවිතයට ගැනීමට බලාපොරොත්තු වන බවත් එමගින් සංචාරකයා කැමතිනම්, ඔවුන් සිටිනා ස්ථානය පිරික්සීමටත්, ඒහරහා ඔවුන් අතරමංවුවහොත් හෝ වෙනත් ආරක්ෂිත පියවරක් ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සම්බන්ධයෙන පියවර ගැනීමට මෙම ජඝම යෙදවුම හරහා හැකියාව පවතින බව අමාත්‍යවරයා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ සංචාරක හා ඉඩම් කටුයුතු පිළිබද අමාත්‍යංශීය උපදේශක කාරකසභාව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.

ඊට අමතරව සංචාරකයිනගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා සංචාරක පොලිස් කණ්ඩායමක් සංචාරක ආකර්ශණය සහිත සෑහ මුහුදු තීරයකම ස්ථානගතකිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article