2019 වසර සදහා ඡන්ද හිමියන්ගේ නාම ලේඛණය ලබන 23 වනදා සිට සියළුම ග්‍රාම නිලධාරී කාර්යාල තුල ප්‍රදර්ශණය කිරීම ආරම්භ කරන බව මැතිවරණ කොමිසම සදහන් කරයි
එහිදී ඡන්ද හිමි නාමලේඛණයට අලුතින් එක්වන හා ඉන් ඉවත්වන නාමලේඛණ දෙකක් ඇතුලත්ය. මේ වසරේ ඡන්ද හිමි නාමලේඛණය පරීක්ෂා කිරිමෙන් අනතුරුව නම ඇතුලත්ව නොමැති ඡන්ද දායකයින් සිටි නම් ඔවුන්ට හිමිකම් අයදුම් පත්‍රයක් යොමු කිරිමේ අවස්ථාව පවතී.