Friday, September 20, 2024

මුහුදු බඩ ප්‍රදේශ ගැන කාලගුණයෙන් අනතුරු ඇගවීමක්

Must read

බේරුවල සිට ගාල්ල, හම්බන්තොට හා පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් ඉහත සඳහන් ස්ථාන සඳහා තද වැසි හා තද සුළං ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70-80 ක් පමණ දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටියි.

ඒ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ද කාලගුණ අංශ දැනුම් දෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article