යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් යාපනය නගරයේ මුල්ලිවයිකාල් ප්‍රදේශයේදී කැඳ බෙදාදීමේ වැඩසටහනක් ඊයේ පස්වරුවේ ට යාපනය මධ්‍යම බස් නැවතුම්පොළ, ව්‍යාපාර ස්ථාන, රෝහල ඉදිරිපිට ආදී සෑම ප්‍රදේශයකම මහජනතාවට බෙදා දිමට පියවර ගෙන තිබුණි.
2009 මැයි මස සිවිල් යුද්ධයෙ අවසාන දිනවල මියයන්නට සිදු වූ තම ආදරණීයයන් ස්මරණය කරමින් පවත්වන ‘මුල්ලිවායික්කාල් ස්මරණ සතිය’ ඊයේ ආරම්භ විය. මෙහිදී දෙමළ ජනයා යුද්ධය අතර යුද්ධයට මැදි වූ ජනයාට තිබූ එකම ආහාරය වූ ‘මුල්ලිවායික්කාල් කංජි’ පිස බෙදා ගනිමින් සිය ජනයාගේ සහ සිය නිදහස් අරගලයෙහි ඉරණම ස්මරණය කරති.
නිර්ශන් -යාපනය