Thursday, January 23, 2025

මුලතිව් හි දේවස්ථානයක පූජාවට හමුදාවෙන් බාධා

Must read



අද ( 27) සිකුරාදා සවස මුලතිව් දිස්ත්‍රික්කයේ ශාන්ත ‘සූසයප්පරු’ විහාරස්ථානයේ පැවති ආගමික වතාවත්වලට සහභාගි වීමට පැමිණි බැතිමතුන්ට හමුදාව බාධා කිරීම නිසා එම දේවස්ථාන භූමියේ සහ අවට නොසන්සුන්තාවයක් ඇතිවී තිබේ.

කූලමුරිප්පු ශාන්ත සූසෙයප්පර් විහාරස්ථානයේ අද සවස යාඥාවට සූදානම් වන විට එහි ගිය හමුදා සෙබළුන් අද යාඥා කළ නොහැකි බවත් වෙනත් දිනක යාඥා කරන බවත් පැවසූ අතර එහිදී මෙම නොසන්සුන්තාවය ඇති විය.

මේ තත්ත්වය තුළ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඊ.චන්ද්‍රරූපන් ජනතාවගේ දැනුම්දීමෙන් එම ස්ථානයට පැමිණ , ඔබ කියන ආකාරයට වන්දනාමාන කරන පිරිසට යාඥා වෙනස් කළ නොහැකි බවට අධිකරණයේ තහනම් නියෝගයක් පෙන්වන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටියේය.

සිද්ධිය හේතුවෙන් පැය එකහමාරකට පමණ පසුව ජනතාව පුද පූජා පවත්වා ඇත
මේ කාලය තුළ මුලතිව් ප්‍රදේශයේ ජනතාවට දේවස්ථාන තුළ පවා වැඳ පුදා ගැනීමට සිදුව ඇත්තේ බියෙන් බව ජනතාව පවසති.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article