Thursday, January 23, 2025

මුලතිව් හි කාන්තා මූලික පවුල් ඉලක්ක කරගනිමින් නිශ්පාදන කම්හලක්

Must read

 

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කාන්තා මූලික පවුල් කිහිපයකට ස්ථීර රැකියා ලබාදීමේ අරමුණින් ‘නාම් තයාකම්’ නිෂ්පාදන කම්හල ඊයේ (12) පුදුකුඩිරිපු ආනන්දපුරම් ප්‍රදේශයේදී විවෘත කෙරිණි.

එම නිෂ්පාදන කම්හල ආරම්භ කර ඇත්තේ යුද්ධයෙන් පීඩාවට පත් කාන්තා ගෘහ මූලික පවුල් කිහිපයකට ඩයස්පෝරාවක් මගින් ස්ථිර රැකියා ලබාදීමේ අරමුණින්.

විශේෂයෙන්ම දේශීයව නිෂ්පාදනය කරන නිෂ්පාදන දේශීයව පමණක් නොව විදේශ රටවලට අපනයනය කරන නිෂ්පාදන බවට පත් කර දේශීය නිෂ්පාදකයින්ට වෙළඳපොළ අවස්ථා සලසා දෙන අතර මෙම නිෂ්පාදන පහසුකම හරහා මෙහි සේවය කරන කාන්තා මූලික පවුල්වලට තම ජීවනෝපාය ලබා ගැනීමට හැකි වේ.

මෙම Nam Thayakam නිෂ්පාදන කම්හල ඊයේ (13) සවස වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අධිකලනාදන් විසින් විවෘත කරන ලදී.

ආරාධිත අමුත්තන් මල්මාලා පළඳවා පිළිගැනීමෙන් අනතුරුව පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය ලේකම් ටී.ජයකන් මහතා අතින් නාමපුවරුව නිරාවරණය කළ අතර නිෂ්පාදනාගාරය වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අධිකලනාදන් මහතා අතින් විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නොගරතලිංගම් හිටපු පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය සභා උප ලේකම් කේ.ජෙනමේජයන් පුදුකුඩිරිපු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරී තමිල්චෙල්වන් ආනන්දපුරම් ග්‍රාම නිලධාරී ආනන්දපුරම් ග්‍රාම සංවර්ධන නිලධාරී ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මෙම උත්සවයේදී ආනන්දපුරම් ප්‍රදේශයේ පවුල් 100කට පමණ කිලෝග්‍රෑම් දහය බැගින් හාල් පැකට් ලබා දීම විශේෂත්වයකි.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article