Friday, September 20, 2024

මීගමුව සා.මරියා විදුහලට එරෙහිව විභාග පැමිණිලි රැසක්

Must read

 

උසස් පෙළ විභාගයේ ආර්ථීක විද්‍යාව විෂයයේ දෙවැනි කොටස පැවති ඉකුත් 13 වැනිදා මීගමුව සාන්ත මරියා විදුහලට පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයකු පැමිණි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබේ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ මෙවර විභාගයට මුහුණ දුන් එම පාසලේ සිසුවෙක් යැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. පාසලේ ආදි ශිෂ්‍යයකු බව කියන මෙම ගුරුවරයා තමන්ගේ වාහනයෙන් පැමිණ විදුහල්පති කාර්යාලයේ රැඳී සිට ඇති බවද එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

එමෙන්ම භෞතික විද්‍යාව විෂයයේ පළමු කොටස පැවති 16 වැනිදා උදේ තවත් ආදි ශිෂ්‍යයකු පාසලට පැමිණ ඇති බව ද එම පැමිණිල්ලේ සඳහන් වෙයි. ඔහු පසුගිය වසරේදී එම විෂයය ඉහළින්ම සමත් වූ ශිෂ්‍යයෙක් යැයි ද කියති.

මෙම පැමිණිල්ල පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඉකුත් 14 වැනිදා පැවැති තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගය අවසාන වීමට පෙර එහි ප්‍රශ්නයක් පිළිබඳව විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමා විදුහලේ එම විෂයය උගන්වන ගුරුවරයාගෙන් විමසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර තිබේ.

(අරුණ)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article