Friday, September 20, 2024

මිල සූත්‍රය තිබුණානම් : පෙට්‍රල් 97යි ඩීසල් 57යි

Must read

මේ වන විට ලෝක වෙළදපලේ බොරතෙල් මිල සීඝ්‍රලෙස පහළ යෑමත් සමග රුපියල් 137ට අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 40 අඩු කිරීමේ හැකියාව රජයට පවතින බව ජාතික සේවක සංගමයේ උප සභාපති ආනන්ද පාලිත මහතා පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 97 කට ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 103 කට පාරිභෝගිකයා අතට පත්කිරීමේ හැකියාව රජය සතුව පවතින බව ඒ මහතා පෙන්වා දෙයි. රුපියල් 104කට අලෙවි වන ඩීසල් ලීටරයක් රුපියල් 47 කින් අඩුකර එය රුපියල් 57 කටද , භූමිතෙල් ලීටරයක් රුපියල් 24 කින් අඩු කර රුපියල් 46 ලබාදීමේ හැකියාව ඇති බව ද ඒ මහතා පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article