Friday, January 10, 2025

මිනිස් අස්ථි කොටස් හමුවු මුලතිව් ප්‍රදේශයේ කැණීම් සිදුකිරීමට විනිසුරුවරයා නියෝග කරයි

Must read

පසුගිය 29 වනදා  සවස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මුලතිව් දිස්ත්‍රික්කයේ කොක්කුතොඩුආයි මඩි ප්‍රදේශයේ ජල සම්බන්ධතාව ක්‍රියාත්මක කිරීම සඳහා බර යන්ත්‍රයකින් ඉඩමක් කැණීමේදී පොළවේ වළ දමා තිබූ මිනිස් අස්ථි කොටස් හඳුනාගෙන ඇත.මෙම සිද්ධියෙන් පසු කොක්කලෙයි පොලිසියට දැනුම් දුන් අතර කොක්කලෙයි පොලිසිය පරීක්‍ෂණ කටයුතු ආරම්භ කරන ලදී.

මේ සම්බන්ධයෙන් අද අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ අතර, අද පස්වරු 2.30ට මුලතිව් දිසා අධිකරණ විනිසුරු ආර්.සරවනරාජා පෞද්ගලිකව එම ස්ථානයට පැමිණියා.

මේ අතර ජුලි 06 වැනිදා මිනිස් අස්ථි කොටස් හමුවූ ප්‍රදේශයේ කැනීම් කටයුතු සිදුකිරීමට නියෝග කළ විනිසුරුවරයා අදාළ පුද්ගලයන්ට නිසි උපදෙස් ලබාදී එතෙක් සිරුරු කොටස් විනාශයෙන් ආරක්ෂා කරන ලෙස කොක්ලායි පොලිසියට නියෝග කළේය.

මෙම අස්ථි කොටස් හා ඇදුම්  එල්.ටි.ටී.ඊ සංවිධානයයේ සාමාජිකාවන්ගේද යන්න ගැන ජනතාවට සැකයක් මතුව තිබේ. විනිසුරුවරයා එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී මානව හිමිකම් නීතිඥ, හිටපු පළාත් සභා මන්ත්‍රී දුරෙයිරාසා රවිකරන්, සමාජ ක්‍රියාකාරිකයෙකු වන පීටර් ඉලංචෙජියන්, ගම් මට්ටමේ සංවිධාන නායකයින් සහ ගම්වාසීන් රැසක් එක්ව සිටියහ.
 

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article