Thursday, January 23, 2025

මිගමුවේ කොමසාරිස් නෝනගේ රන් වලල්ල නැතිවුනේ කොහොමද ?

Must read

පුංචි රෝමෙට ආවයින් ආවේ නැ මෙහෙම කොමසාරිස් නෝනා කෙනෙක්. එයා මිගමුව වග‌ේ තැනකට ඇත්තටම ගැලපෙන්නේ නැති තුන්වෙනි පංතියේ කෙනෙක්.

තුන්වෙනි පංතියේ කථාව කෙසේ වෙතත් පහුගිය කාලෙම එයා කරපු කියපු දේවල් නිසා කව්රුත් කිව්වේ ඒයාගේ වැඩ නම් ඉතින් තර්ඩ් ක්ලාස් කියල.
පහුගිය 18 වෙනිදා මිගමුවේ කුරණ ප්‍රසිද්ධ අවන්හල් හිමියෙක් කොච්චිකඩේ සුපිරි හෝටලයක සාදයක් සංවිධානය කරල තිබුන.

ඇති පදමට කෑම විතරක් නෙමේ බිමත් තිබිල තිබුණ.


ගිනි නිවන ඒකකයේ ඇතුලේ ප්‍රැන්ක්ලින් බ්‍රැන්ඩි සාදයක් දාපු කොමසාරිස් නෝනයි, එක්ක කොන්ක්‍රිට් චමින්ද සහ නගරාධිපතිවරයාත් මේ සාදයකට ගිහින් තිබුනලු.
සූර් වෙච්ච පදමෙ තරමට නැටිල්ලත් වේගවත් ලු.
කොහොම හරි මේ අස්සේ කොමසාරිස් නෝනාගේ පවුම් දෙකාමාරක වලල්ල වැටිලලු.
දැන් ඒක උසාවි ගිය කේස් ඒකක් බවටත් පත්වෙලා.
වලල්ල වැටිල තිබුනේ සිහි කල්පනාවෙන් ඉන්න කොටද නැද්ද කියල නම් දන්නේ එතන හිටපු අයම තමයි කියල අපට කිවේ සාදය පැවැත්වුන හෝටලේම සේවක මහත්තයෙක්.
දැන් මේ වළලු පලහිලුව්වට හෝටලයේ සේවකයෙකුට වි‌රුද්ධවත් කොච්චිකඩේ පොලිසිය ක්‍රියාමාර්ග අරගෙන අද උසාවි දාලලු.
කොහොම හරි වළලු අස්සෙන් එළියට පැනපු කථා ටික තමයි අද දවසේ නගර සභාව අස්සේ කැරකෙන්නේ .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article