Friday, January 3, 2025

මිගමුවෙන් ඇල්ලු සැප රිය ගැන ඇති තතු වසන් කරන අයට වැඩ වරදින ලකුණු ?

Must read

බට් වාහන ගැන   මිගමු  සමාජයේද  කථා බහට ලක්වන්නට පටන් ගෙන තිබේ

මෙයට හේතුව වි තිබුනේ මිරිස් වත්ත ප්‍රදේශයේ නිවසක තිබියදි  මිගමුව අපරාධ කොට්ඨාශයට ලැබුන තොරතුරක් අනුව  අති සුඛෝපභෝගි  රථයක් අත්අඩංගුවට ගෙන තිබිමත් සමඟින්ය.

මේ පරික්ෂණ කටයුතු ඉහල පොලිස් නිලධාරින් ගේ මැදිහත්වීමක් තුල සිදුවන බව  පෙනි   ගියද,අත්අඩංගුවට ගෙන සතිදෙකකට ආසන්න වි තිබුණද මෙහි ඇත්ත කුමක්දැයි රටට හෙළිදරව්ව කිරිමට මේ අය අපොහොසත් ව සිටිති.

දෙසතියක කාලයක් මේ වෙනුවෙන් ගැනිම යනු සැබැවින්ම කල්මැරිමක්ද යන සැකය දැනටමත් සමාජයේ කතා බහට ලක්ව ඇති ප්‍රධාන කරුණකි.
සිදුවිමක් සැනෙකින අල්ලා ගැනිමට අවැසි නම් එය එසේ කිරිමට ලංකාවේ පොලිසිය දක්ෂ බව පොදු ජනයා තුල පවතින මතයක් වන අතර යම් සිදුවිමක් අරභයා කල්ගන්නවා යැයි කියන්නේම ඒ තුල වංගුවක් ඇතිදෝ යන සැකය මේ අය තුල පවති.

මිගමුව යනු කළු සල්ලි වලින් සියළු මර්මස්ථාන නටවන තැනකි. යමෙකු බේරාගැනිමට අවැසි නම් වාහනය පදවපු පුද්ගලයා මාරුකරනවා සේම වාහනය වුවද මාරුවි තිබෙන්නේ නම් එය පුදුමයට කරුණක් නොවන බවද ඇතැමුන් කියා සිටිති.

මෙම රථය මිගමුවේ දේශපාලකයෙකු විසින් පරිහරණය කළ එකක් බවට පැතිර යමින් ඇති  ආරංචිය ගැන අප මිට පෙරද වාර්තා කලෙමු.

දැනට අපට ලැබි ඇති තොරතුරු වලට අනුව මෙම රථය මිරිස්වත්තට රැගෙන ගොස් තිබුනේ කුරණ ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවි කරන ස්ථානයක අයෙකු විසින් බවද කියැවේ

මිරිස්වත්තෙදි මෙය ගාල් කර තිබුනේ සු⁣දේශ් නැමැත්තෙකුගේ  නිවසකය.

හොර පොලිස් සෙල්ලම ආරම්භ වන්නේ අත්අඩංගුවට ගත් මෙම සැප රිය කටාන පොලිසියට ගෙනඒමත් සමගින්ය.

අත්අඩංගුවට ගැනිමෙන් පසුව මෙම වාහනය  භාවිතා කළ දේශපාලකයා වහා ක්‍රියාත්මක වි තිබුණ  බව වඩාත් පැහැදිලි වනන කරුණු කාරණා ගණනාවකි.

. මේ නිසා වෙනත් ප්‍රදේශවලදි මෙන් රටට දැනගන්නට ඉඩ හරිනවා වෙනුවට පොලිසිය  කටයුතු කලේ වමට සිග්නල් දමා දකුණට හරවනවා සේ නිතිය නමන්නට කටයුතු කිරිමටද යන්න ප්‍රශ්ණය ගැන සාධාරණ සැකයක් මේ වන විටත් මතුවි තිබේ.

මේ නිසා ලොහන්ලාගේ බට් වාහන මෙන්ම මේවා මාධ්‍යයට හෝ සමාජය ගියේද නැත

මෙවැනි රියක් අත්අඩංගුවට ගැනිමෙන්  පසුව පොලිසිය විසින් අනුගමනය කළ යුතුව තිබුණ ක්‍රියාමාර්ග එලෙසින්ම ගෙන තිබුන බවක් නොපෙනෙන බවටද බරපතල චෝදනාවක් ද මේ වන විට එල්ල වි තිබේ.

මෙහිදි  වඩාත් සැලකිල්ලට ගත යුතු කරුණ බවට පත්ව ඇත්තේ පොලිසිය මේ වාහනය ගැන දන්නා දේවල් වලට වලට වඩා මේ ගැන  ඇතැම් සමාජ කොටස්  ගැන ඡායාරූපයමය සාක්ෂිද සහිත දැනුවත්ව   සිටිමය.

පසුගිය කාලය තුල මෙම සැප රිය නවතා තිබුන තැන් ගැන තතු    සහ ඡායාරූපද මේ වන විට ඇතැමුන් ලග ඇතැයි වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත

දැන් ඇත්තේ ජනතාවට වග කියන දුෂිතයන්ට අත නොහැරම දඩුව්ම් දෙන පාලනයකි. ලොහාන්ලා කුඩුවේ ලගින්නට වුයේ මේ නිසා.ඒ තැනට  නිතිය නිසි අයුරින් හැසිරවිමට පොලිසිය ක්‍රියාකර තිබුනේ මාලිමා රජයක නිතියේ ආධිපත්‍ය කදිමට  සලකුණු කරමිනි.

එහෙත් මිගමුවේ පොලිසිය මෙම සුපිරි බට් වාහනය ගැන කටයුතු කරමින් සිටින මන්දගාමි බව දකින විට පොදු ජනයා ප්‍රශ්ණ කරන්නට පටන් ගෙන ඇත්තේ මිගමුව  පොලිස් කොට්ටාශය තුල ඇතැමුන් දැන්  කටයුතු කරමින් සිටින්නේ රටේ පවතින්නේ මාලිමා රජයක් යැයි නොදන්නා සේය.

නිසි ලියවිලි රහිත රථයක් නම් එහිදි ක්‍රියාත්මක කළ යුතුව තිබුන ක්‍රියා පටිපාටිය කටාන පොලිසිය විසින් අනුගමනය කර තිබුනේද යන ප්‍රශ්ණයද මේ වන විට මේ ගැන විමසිල්ලෙන් සිටින අය ප්‍රශ්ණ නගමින් සිටිති.

මිගමුව යන කලු සල්ලි වලට ඕනැම දෙයක් කරන්නට පුලුවන් යැයි දශක ගණනාවක් පුරාවට ඔප්පු කළ නගරයකි. රට එක පවුලක් විසින් පාලනය කරන විට මිගමුව පාලනය කළේ එක කළු සල්ලි පවුලක් විසිනි. එහෙත් දැන් ඇත්තේ මාලිමාවේ පාලනයකි.

නිතියට වෙට්ටු දමා වංගු ගසා කව්රුන්ව හෝ බේරාගන්නට කිසිවෙකු විසින් අර අදින්නේ ද යන්න ගැන දැනටමත් රජයේ ඉහල තැන් වල අවධානයටද යොමුවි ඇති බවද වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට තිබේ
meepura.com

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article