Saturday, May 18, 2024

මෑත ඉතිහාසයේ වැඩිම රතු ලූනු මිල වාර්තා වෙයි

Must read

රතු ලූනු කිලෝවක තොග මිල රුපියල් හත්සිය ඉක්මවා ගොස් තිබෙන බවත් මෑත ඉතිහාසයේ වැඩිම රතු ලූනු මිල මේ දිනවල වාර්තා වන බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳපොළ සමිතිය සඳහන් කරයි.

රතු ලූනු තොග ලැබීම 90%කට ආසන්න ප්‍රමාණයකින් මේ වන විට අඩුවී තිබෙන බවත්, මේ නිසා රතු ලූනු මිල ඉහළ යමින් තිබෙන බවද එම සංවිධානයේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතා සඳහන් කළේය.

මීට අමතරව පහතරට හා උඩරට එළවළු ලැබීම 50%ක ප්‍රමාණයකින් අඩුවී තිබෙන බවත්, මේ නිසා වට්ටක්කා සහ තක්කාලි හැර අනෙකුත් එළවළු මිල ඉහළ ගොස් තිබෙන බවද කියා සිටියේය.

 

(ada.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article