Monday, December 23, 2024

මැයි මාසයට අදාල රු.5000 හා විශ්‍රාම වැටුප් ගෙවීම අද සිට

Must read

කොවිඩ්19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට රජය විසින් ලබාදෙන රු.5000 දීමනාව මැයි මාසය සදහාද ලබා දීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

ඒ අනුව මැයි මස දීමනාව ගෙවීම හෙට(04) ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා නිම කරන ලෙස ද රජය දැනුම් දී තිබේ.

එමෙන්ම වැඩිහිටියන්, ආබාධ සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා ලේඛනවල නම් සඳහන් අයට සේම පොරොත්තු ලේඛනවල නම් සඳහන් අයට ද රුපියල් 5000 දීමනාව හිමිවේ.

‍මැයි මාසය සඳහා විශ්‍රාම ගෙවීම අද (04) සිට  ආරම්භ කොට පොහොයට පෙර අවසන් කිරීමට සැලසුම් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article