Friday, May 3, 2024

මැතිවරණයට භාණ්ඩාගාරයෙන් රු.මිලියන 100ක්

Must read

පළාත් පාලන මැතිවරණය පැවත්වීම සදහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 100ක් ලබාදී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ඒ අනුව පෙර සැලසුම් කල පරිදි පළාත් පාලන මැතිවරණයේ තැපල් ඡන්ද විමසීම මේ මස 22,23 හා 24 යන දිනවලදී සිදුකිරීමට හැකි බව ඒ මහතා පවසයි.

යම් හෙයකින් එම දින තුනේදී තමන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන පුද්ගලයන් හට 28 වනදා තමන්ගේ ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර ඉදිරියේ තමන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතින බවද මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article