මාලිගාවත්ත ප්රදේශයේ සිදුවූ තෙරපීමක් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්ථා වෙයි. මෙම තෙරපීම සිදුව ඇත්තේ පුද්ගලයෙකු විසින් සිදුකළ ආධාර බෙදාදීමේ අවස්ථාවකදීය.
සිදුවීමෙන් තුවාල ලැබූ තවත් කාන්තාවන් සිව්දෙනෙකු ජාතික රෝහලෙ හදිසි අනතුරු අංශයට ඇතුලත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ වන විට එම ආධාර බෙදාදීම සිදුකලපුද්ගලයන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.