Sunday, May 19, 2024

මාස 8ට අලි මරණ 235ක්

Must read

මේ වසරේ ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා මාස 8ක කාලය තුල අලි මරණ 235ක් වාර්ථා වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවට අනුව ජනවාරි මාසයේදී මරණ 38ක්ද,පෙබරවාරි මාසයේදී මරණ 36ක්ද, මාර්තු මාසයේදී මරණ 36ක්ද,අප්‍රේල්හිදී මරණ 36ක්ද, මැයි මාසයේදී රණ 29ක්ද,ජුනි මාසයේදී 28ක්ද,ජුනි මාසයේදී මරණ 26ක්ද, වශයෙන් වාර්ථා වී ඇත. එමෙන්ම අගෝස්තු මස මුල් දිනි කිහිපයේදී පමණක් අලි මරණ 6ක් වාර්තා වි තිබිණ.

අලි මරණ වලින් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ වෙඩි තැබීම් හේතුවෙනි. එම ගණන 45කි. ඊට අමතරව විදුලි සැර වැදීමෙන් මරණ 21ක්ද,ස්වභාවික හේතූන් මත මරණ 16ක්ද.හක්ක පටස් හේතුවෙන් මරණ 37ක්ද,හේතූන් හදුනා නොගත් මරණ 22ක්ද,වෙනත් හේතූන් මත මරණ 90ක්ද,දුම්රියේ ගැටීමෙන් අලි මරණ 4ක්ද වාර්තා වී ඇත

 

(srilankamirror හි පලවූ ලිපියක් ඇසුරිණි)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article