Friday, May 3, 2024

මානුෂිය අර්බුද සමච්චලයට ලක් කරන බුකි අපතයෝ ….

Must read

මේ දිනවල බුකිය තුල වැඩි දෙනෙකුගේ කථා බහට ලක්වෙමින් ඇති මාතෘකා අතර අතිශය මානුෂික වු කරුණු කිපයක් වේ .

වකුගඩු ජාවාරම  ඉන් එකකි. අනික රැකියා ස්ථානය තුල ඇතිවු මානසික ආතතිය නිසා ජිවිතයෙන් සමුගත් තරුණයෙකු ගැනය.

මේ අතිශය මානුෂික කාරණා දෙක පිළිබදව බුකියේ ඇතැමුන් වාචලයන් සේ හැසිරෙමින් සිය අමනකම් ප්‍රදර්ශණය කරමින් ඇති ආකාරය ඉතා පැහැදිලිj පෙනි යයි .
අරුත්බර සංවාදයන් සදහා යොදා ගත හැකිව ඇති බුකිය වාචාලකම් පතුරුවන අවකාශයක් බවට මේ අපතයන් සුලු පිරිස විසින් පත්කරමින් තිබේ.

අද ඇස ගැටුණු අපත සටහනක තිබුනේ අපට ස්ට්‍රෙස් තිබුණත් සුවිසයිල් නෝට් එක ඉංග්‍රිසියෙන් ලියා ගැනිමට බැරි කම යැයි එකෙකු ලියා තිබුණි.

අනික් කරුණ වන්නේ රටතුල අතිවිශාල රෝගින් ගණනක් ජිවත් විම සදහා බොරබදන වකගුඩු ප්‍රශ්ණයයි .
රජයත් සකලාකාර ආගමික සංස්ථා ඇතුළු මේ සමාජයත් වකුගඩු රෝගින් මුහුණ දි සිටින ජිවත්විමේ අරගලයට සුලු වශයෙන් හෝ විසදුම් සපයා දිය හැකි යමක් සමාජය තුල නිර්මාණය කිරිමට මැදිහත්වෙනවා වෙනුවටට අද මේ ගැටළුවද විහිළුවකට ගෙන තිබේ.

අවයව විකුණන්ගේ නැති බැරි කම් නිසාය. ඒවා රැගෙන බිස්නස් කරන්නේ ජාවාරම්කරුවන්ය.මේ ආකාරයෙන් වකුගඩු බද්ධ කිරිම දැවැන්ත මාෆියාවක් බවට පත්ව ඇත්තේ ඇති හැකි කොටස් අතදිගැර සිය ජිවිත ආශ තවදුරටත් දිගුකරගැනිමට සුදානමින් සිටින නිසාය.

ඒ නිසාම එක් රෝහලක් ගැන දැන් කථා බස් කරගෙන ගියද බොහෝ තැන්වලදි මෙය සිදුවිය ඉදිරියටත් සිදුවිමට නියමිතව තිබේ.

සමාජ මාධ්‍ය තුල  පමණක් නොව දේශපාලනයට පැමිණි ඇති හිරුණිකා වැනි වාවලකම් දොඩවන කාන්තාවන්ද දැන් මේ අර්බුදයකට විහිළුවකට ගෙන ඇති සෙයකි. රනිල්ගේ ඇට ගැන කියන හැකර කටක් ඇති අයෙකු බවට සමාජයට ඇය  විසින් දැන් කියා තිබේ

සැබැවින්ම සමාජ මාධ්‍ය තුල වගකිම් සහගත භාවිතාවක අවශ්‍යතාවය දැන් දැඩි මතුවෙමින් තිබේ.රටේ වැදගත් මානුෂිය කාරාණා සම්බන්ධයෙන්  යම් සාධනීය යමක් නිර්මාණය කරගැනිමට මේ සයිබර් වේදිකාව ඉතාම වැදගත්ය.
එහෙත් දැලි පිහිට අතට ගෙන ඇති වදුරන් කිපදෙනෙකු නිසා බුකියද දැන් වාචල අකාශයක් බවට පත්වෙමින් තිබේ

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article