Tuesday, December 24, 2024

මහේල කණ්ඩායම සමග රැදෙන අවසන් තරගය අද

Must read

පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂ උපදේශකයෙකු වශයෙන් කණ්ඩායමට එකතු වූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය සේවය කණ්ඩායමට ලබාදෙන අවසන් තරගය අද(22) ශ්‍රී ලංකාව හා නෙදර්ලන්ත කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය.

“සුදුසුකම් ලැබීමේ තරගාවලියට පමණක් සීමා නොවී තවදුරටත් කණ්ඩායම සමග රැඳී සිටීමේ අදහසක් නැත්දැයි”, විමසූ අවස්ථාවේදී මහේලගේ පිළිතුර වූයේ තමන්ට පෙර යොදාගත් පරිදිම කටයුතු කිරීමට සිදුව ඇති බව යැයි , ‘අරුණ’ වාර්තා කර සිටියි.අද තරගයෙන් පසුව කණ්ඩායමෙන් සමුගැනීමට තමන්ට සිදුවන වන බව එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කල බව ‘අරුණ’ වාර්තා කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article