ලිට්රෝ සමාගමට අයත් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්දයෙන් මුදල් විශුද්ධිකරණ පණත යටතේ මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධාණී ගාමිණී සෙනරත් ඇතුළු පස් දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔවුන්ව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.
පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර පැවැති සාකච්ඡා සාර්ථක වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානීයා අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කිරීම මෙරට දේශපාලනය කියවන්නන්ට පැහැදිලි කිරීම අවශ්‍ය නොවනු ඇත.