Thursday, May 9, 2024

මර බිය හින්ද රට පැන්න මාධ්‍ය සගයනි එන්න එකට හුස්ම ගන්න ලංකාවට ….?

Must read

Murderd J 2මහින්ද රාජපක්ෂ පාලනයට බියෙන් මාධ්‍ය සගයින් 60 කට ආසන්න සංඛ්‍යාවක් රටින් පිටුවහල්ව ගොසිිනි.මින් අතිබහුරයක් දෙනා දමිල ජාතියකයන්ය.
ඒ ඇතැම් දමිල මාධ්‍යවේදින්ට මෙරටට පැමිණිම තවමත් ගැටළුකාරි විය හැකි වුවද  මර බියෙන් රට හැර යන්නට වු සිංහල මාධ්‍යවේදින් අතිබහුතරයකට දැන් සිය රට පැමිණිය හැකි වතාරවරණයක් රට තුල ස්ථාපිතව තිබේ
මෙය වඩාත් තහවුරු වන්නේ මැරෙන්න බයෙන් රට පැන්න ඇතැම් මාධ්‍ය සගයන් දැන් ලංකාවට නිවාඩුක් ගත්කරන්නට පැමිණ යළිත් තමන් දැන් වාසදේශ හදාගෙන සිටින ඒ රටවලටම යන්නටද පුරුදුව සිටින බැවිනි.
ජීවිතය බේරාගැනිම සදහා රටින් පිටුවහල්ව ජර්මනියේ ප්‍රංශයේ එංගලන්තයේ ස්විටර්ලන්තයේ සහ ඇමරිකාවේ සිටින මාධ්‍යවේදින්ගෙන් එක් අයෙකුට හැර අන් සැමට ලංකාවට ඒමට කිසිදු අපහසුවක් නැතැයි අපට සිතේ .
එහෙත් ඒ කිසිවෙක් දැන් ලංකාවට එන්නේ නැත.
එය පැහැදිලිය.
තත් එසේව තිබියදි බිහිසුණුම සමයේ සිට රට පනින්නේ නැතිව යට යන්නේද නැතිව මහින්ද පාලනය පලවා හැරිම සදහා තිරාණාත්මක වැඩකොටසක් කළ ක්‍රියාකාරින් විසින් ප්‍රතිසංස්කරණ සහ සංහිදියාව අරඹයා  දැනට ආරම්භ කර ඇති බොහෝ වැඩ ගැන මරණ බියෙන් රට පැන්න මාධ්‍ය සගයන් විවිධ කෝචොක් දාන්නට පටන් ගෙන ඇති බැව් අවස්ථා කිපයකදිම අප නිරික්ෂණය කළෙමු.
අපට ඒ මාධ්‍ය සගයන්ට කිමට ඇත්තේ එක් දෙයකි.
පවුලත් හදාගෙන දරුවන්ටත් උගන්නගෙන පින්තුරයක් අරන් ,කවියක් ලියාගෙන පාඩුවේ ඉන්න හැබැයි මර බිය නිසා  රට හැර නොගිය මිනිසුන් සහ ගැහැනුන්ගේ  සාමුහික මහන්සියට අපහස නොකර  සිටින ලෙසය.
මේ බහුතරයක් දෙනා යළිත් නාවද අපට කියන්නට ඇත්තේ එන්න එකට හුස්ම ගන්න ලංකාවට යනුවෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article