Friday, September 20, 2024

මන්නාරම මඩුක්කරෙයි ගම්මානයේ ගමනාගමනයට අපහසුව සිටින ජනතාවගේ දුක්ඛිත තත්ත්වය.

Must read

 

මන්නාරම නානාටන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මඩුක්කරෙයි මුල්ලිමොටයි ගම්මානයේ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා පාලමක් නොමැතිකම හේතුවෙන් එම ගම්මානයේ ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.

අතර උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සෘජුවම ඔවුන්ගේ ගමට පැමිණ අභ්‍යන්තර මාර්ගයක් පාලමක් ඉදිකිරීමට පියවර ගත යුතු යැයි ප්‍රදේශවාසින් පවසන බව අප වාර්තාකරුවෝ පවසති

2018 වසරේ පවුල් 90ක් ජීවත් වන මඩුක්කරෙයි මුල්ලිමොටයි ගම්මානයේ පවුල් 18ක් ගඟ හරහා සංක්‍රමණය වී ඇත.

අරුවි ගඟේ අතු ගංගාවක් ගෙවල් ළඟින් ගලා යන නිසා තාවකාලික පාලමක්වත් ලබා නොදෙන නිසා ගඟට බැස අනතුරුදායක ගමනක් යන්නට සිදුව තිබේ

වියළි කාලයට ජලය යම්  ප්‍රමාණයකට හෝ  සිඳී ගියද වර්ෂා කාලයට ගඟ පිරී ඉතිරී යන බැවින් ප්‍රදේශවාසින් තම දෛනික කටයුතු කරගෙන යාමට මහත් වෙහෙසක් දරති.

පසුගිය දින කිහිපයේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ මාර්ග තදබදය හේතුවෙන් ඔවුන්ගේ ඥාතීන් ඔවුන්ගේ නිවෙස්වල පදිංචිව සිටින්නට සිදුව ඇති බවද කියති

ප්‍රදේශය නැවත පදිංචි කළ දා සිට මේ දක්වා අභ්‍යන්තර මාර්ග නිසියාකාරව ඉදිකර නොමැති අතර එම ගඟෙන් එතෙර වීමට පාලමක් ද ඉදිකර නොමැති නිසා ප්‍රදේශයේ ජීවත් වන සියලුම දරුවන්, කාන්තාවන්, වැඩිහිටි ජනතාව පාසල් යාමට නොහැකිව පීඩාවට පත්ව සිටිති.

මඩුක්කරේ සහ මුල්ලිමොටයි ගම්මානවල අභ්‍යන්තර මාර්ග නඩත්තු කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අදාළ බලධාරීන් කිසිදු පියවරක් ගෙන නොමැති බවට විපතට පත් ජනතාව චෝදනා කරති.

එම නිසා උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය අපේ ගම්වාසීන්ගේ අවධානය යොමුකර පාලම තාවකාලිකව ඉදිකිරීමට පියවර ගන්නා ලෙස මඩුක්කරෙයි මුල්ලිමොටයි ගම්මානයේ ජනතාව ඉල්ලා සිටිති.

එස්.ආර්.ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article