Monday, May 20, 2024

මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ගවපට්ටිකරුවන්  විරෝධතාවක

Must read

 

ගව අභිජනනය කරන්නන්ගේ සමූපකාර සමිතිය විසින් අදාළ  තෘණ ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අද බ්‍රහස්පතින්දා (26) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්විණි.

මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී එම විරෝධතාව පැවැත්වුණේ විවිධ නිලධාරීන්ට සහ දේශපාලනඥයින්ට ලිඛිතව ඉල්ලීම් කිහිපයක් කළත් ඒවා සෘජුවම ප්‍රයෝජනයක් නොලැබීම හේතුවෙනි.

මන්නාරම සමාජ ආර්ථික සංවර්ධන සංස්ථාවේ අනුග්‍රහය යටතේ සංවිධානය කර තිබූ මෙම විරෝධතාවයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩික්කලනාදන්, චාල්ස් නිර්මලනාදන්, නානටන් – මුසලි ගව පාලක සමුපකාර සමිතියේ සාමාජිකයින්, සිවිල් සංවිධාන සහ ආගමික නායකයින් එක්ව සිටියහ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article