Saturday, May 18, 2024

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ සෞඛ්‍ය සේවකයින් සහ හෙදියන් වර්ජනයක

Must read

මන්නාරම දිස්ත්‍රික් රෝහලේ පැය තුනක කාලයක් සේවයෙන් වැළකී වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට තීරණය කර ඇති සියලුම හෙද හෙදියන්ට සහය පළකිරීමේ අරමුණින් පෙරේදා (01) පස්වරුවේ මන්නාරම දිස්ත්‍රික් රෝහලේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක විය.

හෙද හෙදියන්ගේ අපේක්ෂිත වැටුප, නිල ඇඳුම් දීමනාව ඇතුළු ගැටලු රැසකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවයේ නිරත විය.

ජනාධිපතිවරයා වහාම මැදිහත් වී සෞඛ්‍ය හා හෙද ගැටලූවලට විසඳුම් ලබාදිය යුතු බවත් තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් අඛණ්ඩ විරෝධතාවයක නියැලෙන බවත් ඔවුහු පැවසූහ.

පසුගිය කාලයේ වෘත්තීය සමිති 72ක් විවිධ ඉල්ලීම් මුල් කරග635නිමින් රටපුරා දැවැන්ත ස්වාධීන විරෝධතාවලට සහභාගි වුණා.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්ට ලබාදෙන අතිරේක වැටුප රුපියල් 35,000කින් අපට ලබාදිය යුතුයි. වෘත්තීය සමිති සාමාජිකයින් 72 දෙනකු ලබා දෙන ලෙස සාධාරණ ඉල්ලීමක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව ක්‍රියාත්මක වේ.

 

එස්.ආර්.ලැම්බර්ට්

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article