මන්නාරම සහ පූනරින් හි මෙගාවොට් 484 ක සුළං බලාගාර පිහිටුවීමේ යෝජිත ව්‍යාපෘතියෙන් Adani Green Energy Limited (AGEL) සමාගම ඉවත් වී තිබේ. මෙම සුළං බලාගාර වයාපෘතිය සම්බන්ධයෙන් පැවති විවේචන, විරෝධතා සහ අධිකරණ නඩුවලට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා රජය ව්‍යාපෘතිය සමාලෝචනයෙන් පසු බලශක්ති අමාත්‍යාංශය ගිවිසුම අවලංගු කර සම්පූර්ණ ව්‍යාපෘතිය නැවත සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත්කකර ලදී.
මෙම ව්‍යාපෘති සදහා මේ වනවිටත් ඒම සමාගම ඒම ව්‍යාපෘතිය සඳහා අදාළ පළාත් වල ඉඩම්වල මෙන්ම ඒ ආශ්‍රිත සම්ප්‍රේෂණ පද්ධතිය සඳහාද කටයුතු කර ඇත. මේ දක්වා, සමාගම පූර්ව සංවර්ධන කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් පමණ වියදම් කර ඇති බව අදානි සමාගම පවසයි. අදානි සමාගම විසින් මෙම ව්‍යාපෘති සදහා පූර්ව සුදානම් කටයුතු සිදුකරන ලැබු වේද අදාළ ප්‍රදේශ වල ජනතාව මේ සදහා විරෝධය පවතිද්දීය.
මේම ව්‍යාපෘති අදානි සමගම විසින් ඉවත්කරගැනීම ගැන රටේ පරාජිත දේශපාලන කණ්ඩායම් වල නියෝජිතයින් මාධ්‍ය වල කිඹුල් කදුළු හෙලන ආකාරයද , ඒය පවතින රජයේ දුරුවලතාවයක් ලෙස හුවාදක්වමින් ප්‍රලාප දොඩවල ආකාරයද මේ දිනවල දක්නට ලැබේ.


මන්නාරමේ ඉදිවීමට යෝජිතව තිබූ බලශක්ති සුළං බලාගාර සහ ඒ ආශ්‍රිත සම්ප්‍රේෂණ පද්ධතිය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මන්නාරමේ ජනතාවගේ දැඩී විරෝධයක් ඒල්ල වූ අතර, ඔවුන් විසින් හිටපු ජනාධිපතිවරයාටද මේ සම්බන්ධයෙන් විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරන ලදී. ඒමෙන්ම මේ සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය විසින්ද ඇතිවිය හැකි පාරසරික අවධානම් සම්බන්ධයෙන් නඩුවක් ගොනුකර තිබූ අතර ඔවුන් විසින් මතුකර තිබූ පාරසරික අවදානමේ ප්‍රධාන කාරණාවක් වී තිබුණේ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන්ගෙන් මිලියන 15න් මිලයනයක් පමණ ලැගුම් ගන්නේ මන්නාරම් දුපතේ වන අතර මෙම සුළං බලාගාර හේතුවෙන් ඔවුන්ගේ ජෛව ක්‍රියාවලියට මෙය බාධාවක් විය හැකි බවයි.
ඒමෙන්ම මන්නාරම දූපතේ ඉඩම් අක්කර ගණනාවක් මෙම ව්‍යාපෘතියේ ආරම්භක වැඩ සදහා යොදාගෙන තිබූ අතර ඒ් සම්බන්ධයෙන්ද මන්නාරමේ ජනතාවගේ දැඩි විරෝධයක් ඒල්ලවී තිබුණි. ඒමෙන්ම මෙම ව්‍යාපෘතියේ බලපෑමෙන් මන්නාරමේ මුහුදේ මත්ස්‍ය සම්පත අඩුවිය හැකි බවටද ධීවරයින් අවධාරණය කළ අතර, පැවති රජය ජනතාව විසින් මේ සම්බන්ධයෙ න් පුරෝකථනය කළ කිසිදු කරුණකට ඇහුම්කන් දුන්නේ නැත.
ජනතාවගේ අදහස වුයේ මන්නාරම දුපත අනාගතයේදී මුහුදට බිලිවීමේ ක්‍රියාවලිය මෙම ව්‍යාපාතිය හරහා ඉක්මන් විය හැකි බවයි.
අදානි සමාගමට සුළං බල ව්‍යාපෘතිය අවලංගු කිරීමට බල කිිිරීම සදහා දැඩි පියවර ගැනිම සම්බන්ධයෙන් දකුණු ආසියානු බලශක්ති ක්‍රියාකාරීන් ශ්‍රී ලංකා රජයට ප්‍රශංසා කර තිබේ. තීරණය ආපසු හැරවීම රජයට බලපෑ ප්‍රධාන කාරණා වී තිබුණේ පාරිසරික යුක්ති කේන්ද්‍රය (CEJ) සහ වනජීවී හා ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) සහ අදාළ පාරිසරික විශේෂඥයින්ගෙන් සමන්විත තවත් කණ්ඩායම් දෙකක්, මෙම සුළං බලාගාර ව්‍යාපෘතියට නීතියෙන් අභියෝග කිරීමයි. ඒමෙන්ම ඔවුන් විසින් අධිකරණයේදී පාසරික බලපෑම් තක්සේරුව (EIA) අභියෝගයට ලක් කරමින් සහ බලශක්ති ස්වෛරීභාවය සහ සංක්‍රමණික පක්ෂීන්ට ඇති දැඩි බලපෑම පිළිබඳව අවධානය ගැන පෙනීසිටිමින් ශ්‍රේෂඨාධීකරණය දක්වා මෙම විරෝධය රැගෙන යන ලදී.
කෙසේ වෙතත් මෙය දේශපාල වාසියක් බවට පත්කරගෙන ඇති මෙතෙක් රට තුළ සිදුවූ පාරසරික විනාශයන්ට වගකිවයුත්තන් නිහඩව සිටීම රටට සිදුකරන යහපතක් වන අතර මෙම ව්‍යාපෘතිය අහෝසි වීම මේ වෙනුවෙන් හඩනැඟ පරිසර සංවිධාන සහ ජනතවගේ ජයග්‍රහණයකි. ඉන් ඇතිවෙන්නට ගිය විනාශය වලක්වා ගැනීම වෙන්වෙනු ඔවුන්ට අපගේ ගෞරවය පුදකළ යුතුය.


සබැදි ලිපි
පේසාලේ සුළං බලාගාරයේ දෙවන අදියරට ඉඩම් ගැනීමේ උත්සාහයට ජනතා විරෝධය
පේසාලේ සුළං උත්පාදන යන්ත්‍ර පිහිටුවීමේ ව්‍යාපෘතියට ජනතා විරෝධය !