Thursday, May 9, 2024

‘සංවර්ධනයේ නාමයෙන් සිදු කරන ක්‍රියාකාරකම්,  මන්නාරම දූපත සම්පූර්ණයෙන්ම විනාශ කිරීම කරා ගමන් කරමින් තිබේ.’

Must read

 

මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව තමන් මුහුණ දී සිටින ගැටලූවලට නිසි විසඳුම් ලබාදිය යුතු බවට විවිධ ඉල්ලීම් මුල් කරගනිමින් සංවිධානය කළ  විරෝධතාව මන්නාරමේදී  26 වනදා  පෙරවරු 10ට පැවැත්විණි. මෙම විරෝධතාවය මන්නාරම පුරවැසි කමිටුව විසින් සංවිධානය කරන ලදි.

මන්නාරම පුරවැසි කමිටු සභාපති එස්. මාකස් අඩිකලර් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති දැනුවත් කිරීමේ රැලියට පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන්, ආගමික නායකයින්, මහජන සංවිධාන නියෝජිතයින් සහ සාමාන්‍ය ජනතාව රැළියට සහභාගී වූහ.- මන්නාරම ප්‍රධාන පාලමෙන් ආරම්භ වූ දැනුවත් කිරීමේ රැලිය ප්‍රධාන මාර්ගය ඔස්සේ ගොස් මන්නාරම බසාර් ප්‍රදේශයට ළඟා විය. අනතුරුව මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්ව සිටි ජනතාව විවිධ සටන් පාඨ ඇතුළත් බැනර් රැගෙන තම ඉල්ලීම් ඉදිරිපත් කළහ.

මන්නාරම දූපතේ වෙසෙන ජනතාවගේ ජීවනෝපායට බලපාන ප්‍රශ්න මෙහිදී ජනතාව විසින් ඉදිරිපත් කරන ලදී.

මන්නාරම දිස්ත්‍රික්කයේ රජයේ හමුදා විසින් අල්ලාගෙන සිටින ඉඩම් නැවත ජනතාවට ලබා දිය යුතු අතර පොදු ඉඩම් ද නිදහස් කළ යුතුය. මේ සමගම රජයේ ඉඩම් රැසක් ජනතාවගේ සාමකාමී ජීවිතයට මග පාදා ගැනීමට කරන වැරදි ක්‍රියා හේතුවෙන් ඔවුන්ගේ සංවර්ධනයට බලපෑම් එල්ල විය හැකි බවට කිහිප දෙනෙකු චෝදනා කර ඇත.

එමෙන්ම අනෙකුත් දිස්ත්‍රික් දේශපාලනඥයන් සහ දේශපාලන නියෝජිතයන් මන්නාරමේ ජනතාවගේ සහ මහජනතාවගේ ඉඩම් මිලදී ගෙන ඒවා ඔවුන්ගේම කර ගනිමින් සිටිනවා.

මේ හේතුවෙන් වාරකං සමය තුළ ජනතාවට සහ පරම්පරාවට සිදුවන අනතුර නැවැත්විය යුතු අතර විශේෂයෙන් තලෙයිමන්නාරම අංශයේ ඉඩම, නායර්තුවෙල ඉඩම සහ පේසාලෙයි ප්‍රදේශයේ මෙම ගැටලුව දක්නට ලැබෙන බව ඔවුහු පෙන්වා දුන්හ.

සංවර්ධනයේ මුවාවෙන් ජනතාවට ලබාදිය යුතු ඉඩම්  බලහත්කාරයෙන්  පැහැරගෙන ඔවුන්ගේ අවශ්‍යතා සඳහා යොදා ගනිමින් සිටින අතර, එය වැළැක්වීමට පියවර ගත යුතුයි. මන්නාරම දුපතේ රජයේ සහ පෞද්ගලික ආයතන මගින් අඩි 50ට පහළින් සිදුරු 4500කට අධික ප්‍රමාණයක් හාරා සාරවත් වැලි ගොඩදැමීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇත.

මේකේ ගත්ත පස් ටික පරීක්‍ෂා කරලා. මන්නාරම දූපතේ, තාන් මන්නාරමේ සියලුම ප්‍රදේශ සියුම් වැලි කැණීම් සඳහා පරීක්ෂාවට ලක් කර ඇත.

තවදුරටත් සංවර්ධනය සඳහා මෙම සාරවත් පස ගවේෂණය කිරීම සඳහා මෙම පස ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික සමාගම්වලට විකිණීමට උත්සාහ කරන ලදී.

මේ වන විට මන්නාරම දූපතේ භූමි ප්‍රමාණයෙන් සියයට 63ක් මුහුදු මට්ටමට පහළින් පිහිටා ඇත. සියුම් පස් කැණීම් දිගටම සිදු වුවහොත් දේශගුණික තත්ත්වයන් හේතුවෙන් මන්නාරම දූපත සම්පූර්ණයෙන්ම යටවීමේ අවදානමක් පවතින අතර සිහින් වැලි කැණීම තහනම් කළ යුතුය.

මෙම ක්‍රියාව හේතුවෙන් මන්නාරම දූපතේ ස්වභාවික පානීය ජලය සම්පූර්ණයෙන්ම අඩාල වන අතර මන්නාරම දූපතේ දක්නට ලැබෙන තල්, පොල් වැනි හිතකර ගස් සම්පූර්ණයෙන්ම විනාශ වී පරිසරයට බලපෑම් එල්ල වනු ඇත.

මේ නිසා දිවයිනේ මිනිසුන්ට ජීවත් වීමට නොහැකි වනු ඇත. එබැවින් මෙම ක්‍රියාව නතර කිරීමට පියවර ගත යුතු බවට ඔවුන් ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදි.

එමෙන්ම මන්නාරම දූපතේ අධිබල සුළං උත්පාදක යන්ත්‍ර 36කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති අතර විදේශීය සමාගම්වල සහාය ඇතිව අධිබල සුළං උත්පාදක යන්ත්‍ර 100කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

මන්නාරම දූපත අධි බලැති සුළං ටර්බයින ගොවිපලක් බවට පත් කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම විදුලි සුළං බලාගාරයක් සඳහා අක්කර 6..5ක ඉඩමක් ලබාගෙන විශේෂ නීතියක් මගින් මෙම ඉඩම් රජයේ අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇත.

මෙම ඉඩම් පවරා ගැනීම නිසා මන්නාරම දූපතේ වෙසෙන ජනතාවට ඉඩම් තිබේද යන්න ප්‍රශ්නකාරී වනු ඇත. මේ තත්ත්වයත් සමඟ බලහත්කාරයෙන් මිනිසුන් සංක්‍රමණය වීමේ තත්ත්වය ද වර්ධනය විය හැකිය.

වසර 30කට වැඩි කාලයක් මේ ජනතාව යුද්ධයෙන් පීඩාවට පත්ව සියල්ල අහිමි කරගෙන ජීවත් වීමට අරගල කරනවා.එම නිසා එය නවතා මන්නාරම ජනතාව සිටින බව තහවුරු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියා.

එමෙන්ම රටේ වත්මන් තත්ත්වය තුළ මත්ද්‍රව්‍ය භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතී. මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රධාන වශයෙන් තරුණ ප්‍රජාව තුළ දක්නට ලැබේ.

මෙම දිස්ත්‍රික්කයේ වෙරළාසන්න ප්‍රදේශවලින් දෛනිකව මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවේ. වෙරළබඩ ප්‍රදේශවල ආරක්‍ෂක විධිවිධාන දැඩි කළද මත්ද්‍රව්‍ය ජාවාරම් බහුලව සිදුවේ.

මේ නිසා පාසල් මට්ටමේ සිට මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇත. අපේ දිස්ත්‍රික්කය වටා නාවික හමුදාව, යුද හමුදාව සහ පොලිසිය දැඩි ආරක්ෂාවක් යොදවා සිටියද මත්ද්‍රව්‍ය අලෙවිය සාමාන්‍ය පරිදි දක්නට ලැබේ.

එබැවින් මෙම මත්ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස ඉල්ලා සිටින අතර එය අධ්‍යාපනික හා සංස්කෘතික පරිහානියට හේතු වන බව පෙන්වා දෙමු.

මේ වන විට මන්නාරමේ සංවර්ධනයේ නාමයෙන් සිදුකෙරෙන කටයුතු මන්නාරම දූපත ශ්‍රී ලංකා සිතියමෙන් සම්පූර්ණයෙන්ම මකා දැමීම කරා ගමන් කරමින් සිටී.

එබැවින් මන්නාරම ජනතාවට බලපාන ගැටලු පිළිබඳව දැඩි අවධානය යොමුකර අපගේ ඉඩම් අයිතිය සහ ජීවනෝපාය ආරක්ෂා කර ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස අපි ඔවුන්ගෙන් නිහතමානීව ඉල්ලා සිටිමු.

විරෝධතාව අවසානයේ මන්නාරම දිස්ත්‍රික් අතිරේක ආණ්ඩු පක්ෂ සභාපතිවරයාට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මකජරය ජනාධිපතිවරයා වෙත භාරදීම සඳහා භාරදීමද විශේෂත්වයකි.

එස්.ආර්.ලැම්බර්ට්

 

 

 

 

 

 

 

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article