සිංගප්පූරුවේ ප්රධාන රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී පසුගිය වනදා අභාවප්රාප්ත වූ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ටී. රංජිත් සොයිසා මහතාගේ ආදාහන කටයුතු ලබන ඉරිදා (8) ගොඩකවෙල මහජන ක්රීඩාංගණයේදී පස්වරු 2.00ට පැවැත්වීමට තීරණය කර තිබේ.
දේහය අද(5) උදෑසන 8.00ට ගොඩකවෙල, මස්ඉඹුල නිවසට ගෙනයාමට නියමිත අතර ගෙනයන අතරවාරයේදී රත්නපුර නව නගරයේ පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට සුලු වේලාවක් අවමංගල පෙරහර නතර කිරීමට නියමිතය.