මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ලබන 28 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත.
කිලෝමීටර් 40 ක දිගින් යුතු මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස මංතීරු 4කින් සමන්විත වේ.එමෙන්ම මෙම කොටස අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5කින් සමන්විත වන අතර මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල එම අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.





