Tuesday, September 15, 2026
spot_img

මත්පැන් බෝතල් වලට හොර ස්ටිකර් අලවන්න සුරාබදු නිලධාරිනුත් හවුල් වෙලා ?

Must read

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ දැනුවත්වීම මත ව්‍යාජ QR කේත සහිත මත්පැන් බෝතල් සුරාසැල් වෙත නිකුත් කිරීමෙන් දැවැන්ත බදු ආදායමක් රටට අහිමිකර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පසුගියදා පවසා තිබුණ බව අද දෙරණ වෙබ් අඩවිය වාර්තා කර තිබේ

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ  (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“බෝතල් සහ ස්ටිකර් වෙනම ගෙනත් දෙනවා. නිෂ්පාදකයා ස්ටිකර් අලවන්න ඕනේ. ඒ බදු එකතුවෙන්නේ නැහැ. QR කේතය කියවන්න බැරිවෙන්න අලවලා. හොර ස්ටිකර් ලක්ෂ ගාණක්. සුරාබදු නිලධාරින් පිරිසකගේ දැනුවත්වීම මත හොර ස්ටිකර් අලවපු මත්පැන් බෝතල් සුරාසැල්වල. විශාල වැරැද්දක්. ජනතාවට බදු දානවා..තෝරු මෝරු අත්හැරලා. අහිංසක පොඩි මිනිස්සුන්ට පීඩනය මුදාහරිනවා.”

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article