Sunday, September 22, 2024

මත්කුඩු සමග සිරිපාදේ ගිය 12 දෙනෙක් අත්අඩංගුවට

Must read

adams-peak-feature1

විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවට යමින් සිටි 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඔවුන්ට රු.29000 දඩයක් නියම කිරීමට හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ටී.සරවනරාජා හතා නියෝගකර ඇත.

දියගල ප්‍රදේශයේ ක්‍රියාත්මක හදිසි මාර්ග බාධයකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර කොළඹ හා අවට ප්‍රදේශවල සිට ශ්‍රීපාද වන්දනාවේ පැමිණ ඇති මෙම පිරිස කංසා,හෂීස්,මදන මෝදක වැනි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article