Monday, May 20, 2024

මඩකලපුවේ ගොවීන් ජනපති යන මග හරස් කරමින් විරෝධතා දක්වයි

Must read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  අද (08) චෙංකලාඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වැනි සංවත්සර උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට  නියමිතව තිබූ අතර ජනාධිපතිවරයා ඒහි  පැමණීමට පෙර  ඔහු ගමන් ගන්නා මාර්ගයට ජනතාව ඒක්රැස්වී විරෝධතාවක නිරත වූහ.මෙම විරෝධතාවයට මඩකලපුව මයිලත්තමඩු මාදවනෙයි ප්‍රදේශයේ  ගොවීන් රැසක් සහභාගී වුහ. ඔවුන් සමග මඩකලපුව දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී සානෙක්කියාන් රාසමානික්කම් සහ දේශපාලන නායකයින් රැසක් ඒක්වී සිටියහ. තත්ත්වය පාලනය කිරීමට පොලිස් ස්ථාන කිහිපයකම පොලිස් නිලධාරීන් කැදවා තිබූ අතර පැය කිහිපයක් මාර්ගය අවහිර වී තිබුණි.
සිය ගොවිබම් අනවසර පුද්ගලයින් විසින් පරිහරණය කිරීම සහ ගවයින් රැකගැනීම , ගොවිබිම් නීතිවිරෝධී ලෙස අත්පත්කරගැනීම් නවත්වන ලෙස ඉල්ලා ඔවුන් පසුගිය දින 23ක් පුරා විතන්ඩි කිරි ගොවිපල ඉදිරිපිට අඛන්ඩ විරෝධතාවයක නිරතවූහ.

රෑත් රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article