Saturday, September 21, 2024

මගීන් 100ක් පටවාගෙන අම්පාරෙන් කොළඹට එද්දී බස් රථ දෙකක් අත්අඩංගුවට

Must read


සංචාරක තහනම් උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස පළාත් අතර ධාවනය වූ සුඛෝපභෝගී බස් රථ සොල්දාදුවන් දෙදෙනෙකු විසින් පරීක්ෂා කර පොලිසියට භාර දෙන ලදී. මෙම බස්රථ දෙක කල්මුණේ හරහා නීති විරෝධී ලෙස කොළඹ දෙසට යන බවට යුද හමුදාවට ලද තොරතුරක් මත අක්කරපත්තුව අඩලච්චේන , සම්මන්තුරේ ප්‍රදේශයේදී ඊයේ (6) වනදා රාත්‍රී 10 ට පමණ නවත්වා ඇති අතර පෙරිය නීලවානායි පොලිස් ස්ථානයේ රඳවා ගන්නා ලදී.

එම අවස්ථාවේදී මගීන් 100 කට වැඩි ප්‍රමාණයක් බස් රථ දෙකේ සිටි අතර එහි රාජකාරියේ යෙදී සිටි අතර බස් රථයේ රියදුරන් ගැන හමුදාව සහ පොලිසිය ද පරීක්ෂණ සිදු කරන බව ආරක්ෂක නිලධාරියෙක් පැවසීය.

අන්තර් පළාත් සංචාරක තහනම තවදුරටත් බලපැවැත්වෙන හෙයින් අම්පාර දිස්ත්‍රික්කයෙන් රාත්‍රී කාලයේ ධාවනය වන බොහෝ පෞද්ගලික බස් රථ අන්තර් පළාත් සංචාරක තහනම උල්ලංඝනය කරමින් ධාවනය වන බව දක්නට තිබේ.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article