Sunday, November 17, 2024

මංගලගේ කමිටුවට සුනිලුත් සිටිය යුතුමයි !

Must read

පසුගිය දා සංවිධානය ගණනාවක මැදිහත්විම යටතේ කළු මාධ්‍ය වලට එරෙහිව විදියට ගෙන ආ විරෝධයත් මතුව සංවාදය අද වඩාත් සාධාණිය ඉසව්වක් කරා ගමන් කමින් රාජ්‍ය මාධ්‍ය ආයතන සෑබෑ මහජන සේවා මාධ්‍ය බවට පත් කරලීමේ අරමුණෙන් ඒවායේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  විසින් කමිටුවක් පත් කර තිබේ.
මේම සංවාදය ඉදිරියට ගෙන යාමේදි එය වඩාත් ඵලදායි බුද්ධිමය සංවාදයක් ලෙසින් මතුකරන්නට පසුගිය දිනවල මුල්වි කටයුතු කළ අයෙකුද වෙයි.
ඒ අාචාර්ය සුනිල් විජේසිරිවර්ධනය .
එහෙත් ඔහු වැන්නෙකු මෙම ඇමති මංගල විසින් පත්කරන්නට යෙදුන මෙම කමිටුවට නැත.
රාජ්‍ය මාධ්‍ය මහජනසේවා මාධ්‍යයක් ලෙසින් ගොඩනැගිය යුුතුව යන සංවාදය ඉදිරියට ගෙනඒමට කලක සිට ක්‍රියාකාරි මැදිහත්විම්වල නියැලුන ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන සුනන්ද දේශප්‍රිය වැනි අයගේ පංගුකාරිත්වයද අවශ්‍යයනේම ගත යුතුව තිබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  විසින් ඊයේ  (11) සත් පුද්ගල කමිටුවක් පත් කරන ලදී. ඉහත කරුණට අදාළව රාජ්‍ය මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකීම මෙම කමිටුව වෙත පවරා තිබේ.

මෙහි සභාපතිවරයා ලෙස විජයානන්ද ජයවීර මහතා පත් කර ඇති අතර එහි සෙසු සාමාජිකයන් වන්නේ මහාචාර්ය ජයදේව උයන්ගොඩ, අචාර්ය ප්‍රදීප් වීරසිංහ, සන්නිවේදන උපදේශක නාලක ගුණවර්ධන, රංගන ශිල්පිනී කෞශල්‍යා ප්‍රනාන්දු, සිනමාවේදිනි අනෝමා රාජකරුණා සහ නීතිඥ සුදර්ශන ගුණවර්ධනය.
එබැවින් මේ ඉදිරිපත්ව ඇති නම් ගොඩ අතරේ සුනිල් විජේසිරිවර්ධනද සිටියම යුතු කෙනෙකි.

මාධ්‍ය භාවිත සහ ඒවායේ ස්වාධීනත්වය පිළිබඳ සමාජ කතිකාවතක් ගොඩනැගී ඇති මෙම අවස්ථාවේ මාධ්‍ය ප්‍රවීණයන්ගේ අදහස වී ඇත්තේ පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙර රාජ්‍ය මාධ්‍ය ස්වාධීන සැබෑ මහජන සේවා මාධ්‍ය ආයතන බවට පත් විය යුතුය යන්න යි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article