පැෆරල් සංවිධානය විසින් කණ්ඩායම් දෙකක් යොදවා සමාජ මාධ්‍ය හරහා හුමවාරු වන වෛරී ප්‍රකාශ,වැරදි තොරතුරු,වැරදි අර්ථ කථන ඇතුලත් ජනතාව නොමග යවන හෝ ජනතාව නොසන්සුන් කරවන ප්‍රකාශ පිලිවදය සොයා බලා ඒවා මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්ථා කිරීමේ වැඩපිළිවෙලක් අද (17) සිට ක්‍රියාත්මක වන බව පැෆරල් සංවිධානය ප්‍රකාශ කරයි. එසේ වාර්ථා කරන තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ අධීක්ෂණයෙන් අනතුරුව ෆේස්බුක සමාගමේ ශ්‍රී ලංකා නියෝජිතවරයා වෙත දැන්වීමටද කටයුතු කිරීමට නියමිතය.
මේ ආකාරයේ සමාජ මාධ්‍ය නිරීක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක් පැෆරල් සංවිධානය මගින් පවත්වන ප්‍රථම අවස්ථාව මෙයයි.