Wednesday, January 22, 2025

බෙහෙත් ගන්න අනුරාධපුරයට යමින් සිටි මව වන අලි ප්‍රහාරයකින් මිය යයි

Must read

වන අලි තර්ජන වලට ලක් නොවන ප්‍රදේශවල ජනයාට වන අලි ගහන  ප්‍රදේශ හරහා යැමේදි වන අලියෙකු දැකිම අලුත්ම ජිවිත අත්දැකමකි. එම නිසා මේ අය බොහෝ අවස්ථාවලදි වන අලි ඡායාරුප ගත කොට සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම සිය හිතුවන් හරහා හුවමාරු කර ගනිනි.

එහෙත් වන අලි තර්ජන මැද දිවි ගෙවන බොහෝ අයට අනපෙක්ෂිත ලෙසින් හෝ මුණ ගැසෙන වන අලියා නොසිතන ඕනෑම මොහොතක  සිය ජිවිත ඉරණම තින්දු කරන්නෙකු බවට පත්ව තිබේ.

පසුගිය දින කිපය පුරාම මෙවැනි අවාසනාවන්නත සිදුවිමක් රැසක් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි

අද මාසයේ පළවෙනි දිනම අපට වාර්තා වන්නේ තවත් එවැනි ශෝචනිය සිදුවිමකි.

සිය පුත්‍රයා සමග යතුරු පැදියෙන් ප්‍රතිකාර ගැනිම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යමින් සිටි 50 හැවිරිදි මවක් නිරාවිය ප්‍රදශයේදි වන අලියෙකුගේ පහර කෑමට ලක්ව අද (01)දින මියගිය ගොස් ඇති බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර ඇත

මිය ගිය මෙම මව 31 හැවිරිදි සිය පුත්‍රයා සමග නිවසේ සිට යතුරැ පැදියකින් අනුරාධපුර ශික්ෂණ රෝහලට යමින් සිටියදි නිරාවිය ප්‍රදේශයේ මහමග රැදි සිටි වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇති අතර එම අනතුරින් බරපතල තුවාල ලැබු මෙම මව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව එහිදි මිය ගොස් තිබුණි.

මෙම වන අලි ප්‍රහාරයෙන් එම මවගේ පුත්‍රයාට කිසිදු අනතුරක් සිදුවි නොමැති බවද වාර්තා වේ

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article