පසුගිය සමයේ ඇතිවූ සිදුවීම් කිහිපයක් හේතුවෙන් සිය අමාත්ය්ධූරයන්ගෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු නැවතත් තම අමාත්‍යධූරයන්හි දිවුරුම් දීම සිදුවිය. ඒ ඊයේ සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ය.
රිෂාඩ් බදියුදීන් මහතා – කර්මාන්ත හා වාණිජ කටයුතු , දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
රාවුෆ් හකීම් මහතා – නගර සැලසුම් , ජල සම්පාදන යන උසස් අධ්‍යාපන අමාත්‍ය
අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්දන් මහතා – කෘෂිකර්ම , වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
අබ්දුල්ලා මහරුෆ් මහතා – කෘෂිකර්ම , වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
තවත බුද්ධික පතිරණ මහතාද කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම , සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම ඊයේ පස්වරුවේ සිදුවිය.
(ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය)