ඩාන්සින් ටැබ්ලට් නමින් හඳුන්වන එක්ටැසි (ECTASI) නමැති මත්පෙති වර්ගයක් මාතර ප්‍රදේශයේ වෙරළ සාද සදහා අළෙවි කරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වී ඇත.
සාදයක් සදහා මත්පෙති අවශ්‍ය බවට පවසා උපාය දූතයකු යොදවා එමගින් මාතර වෙරළ උද්‍යානයේදී සැකකරු කොටුකර ගත් බවත් පසුව ඔහුගෙන් ලද තොරතුරු මත මාතර ප්‍රදේශයේ මිරිස්ස, දික්වැල්ල, පොල්හේන ප්‍රදේශවල බීච් පාටි සඳහා මත්පෙති සැපයීමේ කොන්ත්‍රාත්තුව ඔහු භාරගෙන ඇති බවද එහිදී හෙලි වී ඇත.
මෙම මත්පෙති එකක් රුපියල් 1800-2500 අතර මුදලකට අළෙවි කරන අතර බීච් පාටි සඳහා මේවාට ඉහළ ඉල්ලුමක් ඇති බවද පරීක්ෂණවලදී හෙළිවී තිබේ.